ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන සේවකයින් අදත් වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  සේවා තත්ත්වය පහත දැමීමට සහ වරප්‍රසාද කප්පාදු කිරීමට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය තවදුරටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙයි.

පෙරේදා ආරම්භ කළ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මක බව ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා සඳහන් කළේය.

6/2006  චක්‍රලේඛය සහ කළමනාකරණ සේවා අංක 30 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව ද ඔවුන් පෙන්වා දෙයි.

අතිකාල ප්‍රතික්ෂේප කිරීම, සති අන්ත නඩත්තු සේවා මුර වාර්තා නොකිරීම සහ අදාළ නොවන රාජකාරීවල නිරත නොවෙමින් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බව උපාලි රත්නායක මහතා සඳහන් කළේය.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.ඒ.අන්සාර්ගෙන් කියා සිටියේ වර්ජනය හේතුවෙන් ජල සැපයුමට කිසිදු බාධාවක් සිදු වී නොමැති බවය.

Related posts

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

Mohamed Dilsad

නෝර්වේ විදේශ ඇමතිනිය නිළ සංචාරයක් සදහා දිවයිනට…

Mohamed Dilsad

නායයාමේ අවධානමක්,පවුල් 12ක් ආරක්‍ෂිත ස්ථානවලට

Mohamed Dilsad

Leave a Comment