දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

(UTV | කොළඹ) – ලබන සඳුදා (09) සිට මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන 16 වනදා දක්වා අයදුම්පත් භාර ගැනෙන බව කොමිසම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ එම කාලය කිසිදු අයුරකින් දීර්ඝ නොකරන බවයි.

මිට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ තේරීම්භාර නිළධාරීන් හෙට (05) මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

Related posts

කොළඹ වරාය නගර පනත ගැන පාර්ලිමේන්තු විවාදය [සජීවීව]

Mohamed Dilsad

සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයි

Mohamed Dilsad

පොල් ලොරිය, හෙට (28) සහ අනිද්දා (29) එන තැන් මෙන්න. එක්කෙනෙක්ට උපරීම පොල් ගෙඩි 05යි.

Editor O

Leave a Comment