දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේ

(UTV | කොළඹ) – ලබන සඳුදා (09) සිට මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන 16 වනදා දක්වා අයදුම්පත් භාර ගැනෙන බව කොමිසම සඳහන් කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ එම කාලය කිසිදු අයුරකින් දීර්ඝ නොකරන බවයි.

මිට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ තේරීම්භාර නිළධාරීන් හෙට (05) මැතිවරණ මහ ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ඒ මහ මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

Related posts

කුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය

Mohamed Dilsad

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

වත්මන් ආණ්ඩුවේ, අත්අඩංගුවට පත්වීමට නියමිත ප්‍රභල ඇමති ගැන ඉඟියක්.

Editor O

Leave a Comment