ක්‍රීඩා

අවසන් තරගයේ ජය සමගින් තරගාවලියේම ජය දකුණු අප්‍රිකාවට

(උදයම්, දකුණු අප්‍රිකාව)  – ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් එක්දින තරඟය ලකුණු 88ක සුවිශේෂ ජයක් හිමිකරගනිමින් එක්දින තරගාවලියේම ජය හිමි කර ගැනීමට   දකුණු අප්‍රිකාව සමත් වෙයි.

දකුණු අප්‍රිකාවේ සේන්චූරියන් හිදී ඊයේ තරගය ආරම්භ වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ උපුල් තරංගගේ ආරාධනයෙන් පළමුව දකුණු අප්‍රිකාව පන්දුවට පහර දුන්නේය.

ඉනිම ආරම්භ කළ ක්වින්ටන් ඩිකොක් සහ හෂීම් අම්ලා ශතක වාර්තා කරන්නට සමත් වුහ.සිව්වවන වතාවටත් එක්දින තරගයකදී ලකුණු 150 සීමාව පසු කිරීමට හෂීම් අම්ලාට හැකි විය.

ඩිකොක් ලකුණු 109 කට දැවී ගියේය.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 3 ක් සහ ලහිරු මධුසංක කඩුලු දෙකක් බිඳ හෙළුහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50ක් අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 296ක් පමණි.

මෙහිදී නොදැවී අගනා ඉනිමක් ක්‍රීඩා කළ අසේල ගුණරත්න ලකුණු 114ක් රැස් කළේය.ඒ හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟිනි.

අගනා පන්දු යැවීමක නිරතවූ CH Morris තරඟයේ ජය දකුණු අප්‍රිකාව දෙසට ගෙනයමින් ලකුණු 31කට කඩුලු 4ක් දවාගත්තේය.

මෙම තරඟයේ ජයත් සමඟ 5ට 0ක් ලෙස පූර්ණ තරඟාවලි ජයක් ලබාගැනීමත් සමඟ එක්දින ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයට පැමිණෙන්නට දකුණු අප්‍රිකාව සමත් විය.

හෂීම් අම්ලා. තරඟයේ වීරයා වූ අතර තරඟාවලියේ වීරයා වූයේ  F du Plessis .

Related posts

අද තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

Mohamed Dilsad

මාලිංගගේ පන්දුකරණයෙන් NCC අවසන් සටනට, වීරයා වනිඳු

Mohamed Dilsad

Leave a Comment