ප්‍රමුඛ පුවත 1

විපතට පත්වවූවන්ට කඩිනම් සහන සලසන්නැයි ජනපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් දෙයි.

එහිදී මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙසත් රජයෙන් ලබාදිය යුතු සියලූ සහන පිළිබඳ සොයා බලමින් එම සියලූ පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා වැඩිදුරටත් අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපතිතුමා අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් සහ ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් තොරතුරු විමසීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙන ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසට ද සියලූ පාර්ශ්වයන් දැනුවත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි රැළි අවලංගුයි

Mohamed Dilsad

ජයග්‍රහණය කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය ගැසට් කිරීම ලබන සතියේ

Mohamed Dilsad

ජනපති කම්කරු කොංග්‍රස නියෝජිතයින් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment