ප්‍රමුඛ පුවත 1

හෙද නිලධාරීන් අද සහ හෙට වර්ජනයක

(UTV| කොළඹ) – හෙද නිලධාරින් අද සිට දින දෙකක් ලෙඩ නිවාඩු දමා වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයක නිරතවේ.

ඒඅනුව උදෑසන 8 ට මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය ආරම්භ කෙරුණි.

ඒ අනුව අද සිට ලබන 28 වැනිදා දක්වා හෙද නිලධාරින් ලෙඩ නිවාඩු දැමීමට තීරණය කර ඇති බව එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තටේටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

හෙද නිලධාරින්ගේ කප්පාදු කළ වරප්‍රසාද යළි ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරයි.

රුපියල් 10000ක අනතුරු දීමනාව හා නිල ඇඳුම් සඳහා රුපියල් 25000ක දීමනාව ලබාගැනීම මෙම ඉල්ලීම් අතර වේ.

මෙම ගැටළු වලට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අපොහොසත් වී ඇති බව එක්සත් හෙද සංගමය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රනිල් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සුදානමින් [VIDEO]

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලේ හදිසි විදුලිය බිඳවැටීම යළි යථාතත්වයට

Mohamed Dilsad

ලක්ෂ 09 කට අධික තරුණ තරුණියන්ගේ සහය සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment