ප්‍රමුඛ පුවත 1

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – වැසි තත්ත්වය වැඩී

(UTV| කොළඹ) – අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිණෙන සුළං හමුවන අඩු පීඩන කලාපය) ආශ්‍රිතව පවතින ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේද්නය කරයි.

බස්නාහිර ,දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු පළාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු,ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැක. සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවේ අනවසරයෙන් රැදීසිටි ලාංකිකයන් 25 දෙනෙකු හරවා එවයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment