ක්‍රීඩා

කැමරන්ට සමාවක්

(UTV|ඕස්ට්‍රේලියාව) –  මාස 9 ක කාලයක් තරඟ තහනමකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දෙයි.

ඔහු පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් මෙලෙස තරග තහනමකට ලක් විය.

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක් කෙරිණ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී නිව්සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නේ ය.

කැමරන් බැන්ක්‍රොෆ්ට් ද විලිටන් කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියට සහභාගී වීමට අනුමැතිය ලබා දී තිබෙන්නේ ඉන් අනතුරුවයි.

ඒ අනුව ඉදිරි තරග සමයේදී බැන්ක්‍රොෆ්ට අන්තර් සමාජ තරග සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි 20 ලෝක කුසලාන අවසන් සටන බලන්න අවස්ථාව

Mohamed Dilsad

එංගලන්තයට ලකුණු 93ක ජයක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ජනවාරියේ ලංකාවට.

Editor O

Leave a Comment