ක්‍රීඩා

එංගලන්තයට ලකුණු 93ක ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්තය සහ පාකිස්තානය අතර තරගය අද (11) පැවැත්වුණි.

 

එම තරගය ලකුණු 93කින් ජයගැනීමට එංගලන්තය සමත්විය.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.

 

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තේය.

 

තරගය ජයගැනීම සඳහා පාකිස්තානයට හිමිවූ ඉලක්කය ලකුණු 338කි.

 

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තානයට පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 244ක් පමණි.

Related posts

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

Mohamed Dilsad

දින කීපයකින් එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක්

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය ජෛව ආරක්‍ෂිත බුබුළක් යටතේ

Mohamed Dilsad

Leave a Comment