ක්‍රීඩා

දින කීපයකින් එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක්

(UTV| කොළඹ) – ඉදිරි දින කිහිපයේදී එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට හැකි වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ප්‍රධාන විධායක ජොනී ග්‍රේව් පවසයි.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එය නිල වශයෙන් තහවුරු කළහොත් , ලබන මස 8 වනදා හෝ ආසන්න දිනක කොදෙව් ක්‍රීඩකයින් එංගලන්තය බලා පිටත්ව යාමට සැලසුම් වී ඇත.

ටෙස්ට් තරඟමාලාව ජුලි 8 වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟ 3 ක් ඊට ඇතුළුත් වෙයි. මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකුගේ සංචිතයක් රැගෙන යාමට නියමිතය.

 

Related posts

රංගන හේරත් ටෙස්ට් පිටියට සමුදෙන්න සුදානම්

Mohamed Dilsad

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment