ක්‍රීඩා

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

(උදයම්,කොළඹ)    –  බංග්ලාදේශය තම 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ වන්නේ දෙදින පුහුණු තරඟයකිනි.එය මොරටුවේ දී පැවැත්වේ.

අනතුරුව මාර්තු 7 වන දා සිට ගාල්ලේ දී ප්‍රථම ටෙස්ට් තරඟය පැවැත්වෙන අතර, බංග්ලාදේශ කණ්ඩායමේ 100 වන ටෙස්ට් තරඟය වන දෙවන ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි.

එනම් ලබන මාර්තු 15 වන දා සිට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී මෙම 100 වන ටෙස්ට් තරඟය පැවැත්වීමට නියමිතව තිබේ.

අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ පූර්ණ සාමාජික රටවල් අතුරින් ටෙස්ට් තරඟ ශතකයක් සම්පූර්ණ කරන අවසන් කණ්ඩායම වන්නේ බංගලාදේශ කණ්ඩායමය.

බංග්ලාදේශය ටෙස්ට් වරම් ලැබූවේ 2000 වසරේදී ය.

Related posts

ලංකාවට කඩුලු 9ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස් ගැන පුහුණුකරුගේ අදහස

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නීති රීති කීපයක්

Mohamed Dilsad

Leave a Comment