ක්‍රීඩා

ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් අද දෙවන විස්සයි විස්ස තරඟයට

(උදයම්,ඕස්ට්‍රේලියාව)   – ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය වික්ටෝරියා ප්‍රාන්තයේ ගීලොන් හි සිමන්ඩ්ස් ක්‍රීඩාංගනයේදී අද පැවැත්වේ.

මෙම ක්‍රීඩාංගණයේදී  ඕස්ට්‍රේලියානු පිල ජාත්‍යන්තර තරඟයකට සහභාගිවන ප්‍රථම අවස්ථාවද මෙයවේ.

තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතය.

පළමු විස්සයි විස්ස තරඟයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිලට මෙම තරඟය ජයග්‍රහණය කිරීමට හැකිවුවහොත්  ඕස්ට්‍රේලියාවේදී අඛණ්ඩව විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟාවලි තුනක් ජය ගැනීමේ වාර්තාවක් සටහන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

Related posts

අකිලට යළි සංචිතයට එක්වීමට වරම්

Mohamed Dilsad

ශ‍්‍රී ලංකා තරඟ සංචාරය සඳහා බංග්ලාදේශයෙන් සුභ ප්‍රතිචාර

Mohamed Dilsad

ජාතික යතුරුපැදි ශූරයාට දරුණු අනතුරක්!

Mohamed Dilsad

Leave a Comment