Trending News

‘සහල් ආනයනය ගැන බිය විය යුතු නෑ’ ඇමති රිෂාඩ් කියයි

(උදයම්,මන්නාරම)   – සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකරගතයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.“කවුරුත් බය වෙන්න ඕනේ නැහැ ආනයනය කරන හාල් වැඩිය එයි කියලා. ලක්ෂ දෙක හමාර දක්වා එන්නේ, දැනට අසූදාහක් විතර ඇවිල්ලා තියෙනවා. ආනයනය කරපු නිසා තමයි සාමාන්‍ය සිල්ලර මිලට දෙන්න පුළුවන් වුණේ. අපිට ඕනේ ප්‍රමාණය හාල් තියෙනවා නම් වී තියෙනවා නම් අපි කවදාවත් ආනයනය කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම සමහර අය හංගලා තමුන්ගේ මෝල්වල ඒ වගේම ස්ටෝරුවල ඒ වගේ කොහේ හරි තියෙනවා නම් 1977 පාරිභෝගික අධිකාරියේ අංකය ඒ අංකයට දැනුම් දීමක් කළා නම් ඒ ප්‍රදේශයට ගිහිල්ලා අපේ නිලධාරි වැටලීම් කරා. ආනයනික හාල් අපේ ලංකාවේ දේශීය හාල් මිලට විකුණන්න ගෝනි මාරුකරලා ඒ වගේ කවුරු හරි  කරනවා නම් පාරිභෝගික අධිකාරිය හරහා උපරිම දඩුවමක් දෙන විදිහකට නීතිමය කටයුතු කරනවා.” 

Related posts

Party Leaders to boycott meeting with President

Mohamed Dilsad

Rishad proves Weerawansa’s Parliamentary claims fabricated [VIDEO]

Mohamed Dilsad

Sale of individual cigarettes to be banned?

Mohamed Dilsad

Leave a Comment