විදෙස්

පලනිස්වාමිට බහුතර කැමැත්ත

(උදයම්,ඉන්දියාව) –  ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට විශ්වාසය පළ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

අද පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේදී ඡන්ද විමසීම පැවැත්වුණි.

එහිදී ඔහුට ඡන්ද 122 ක් හිමිවූ අතර, විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11 ක් පමණය.

මෙම ඡන්ද විමසීමට මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් නියෝජනය කරන ඩී.එම්.කේ. පක්ෂ නියෝජිතයන් මෙන්ම, කොංග්‍රස් පක්ෂයේ නියෝජිතයින් ද සහභාගිවී නොමැත.

ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා, සිරගතවීමට පෙර පත් කර ගන්නා ලද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂ නායකයා වන ඊ. පලනිස්වාමිට කෙසේ හෝ පක්ෂයේ බහුතරය ගෙන පෙන්වන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර සී.විද්‍යාසාගර් රාඕ පසුගියදා පැවසීය.

Related posts

ඉරානයට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

ඩෙන්මාර්ක් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් නියාමනය කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment