ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නීති රීති කීපයක්

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්වූ කොරෝනා තතත්වය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදුන් අන්තර්කාලීන නව නීති රීති වලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව ඇත.

අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි මෙම නෛතික යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩකයෙකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට ආදේශ කීරීමට අවසර හිමි වෙයි.

එමෙන්ම, ඛේටය යොදුගෙන පන්දුව ඔප දැමීමේ නීතිය මුල් කාලයේ දී මෙම නීති කඩ කිරීමේදී කණ්ඩායම් වලට අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන අතර , කෙටි කලකින් පසුව යම් කණ්ඩායමක් එම නිති කඩකළ හොත් ප්‍රතිවාදී පිලට ප්‍රසාද ලකුණූ 5 ක් පිරිනැමීමට නියමිතයි.

ජාත්‍යන්තර තරඟවලදී ස්වාධීන රටක විනිසුරුවන් යෙදවීම මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුවද නව නීති යටතේ ජාත්‍යන්තර මට්ටමේ දේශීය විනිසුරුවන් තරඟවලට එක් කර ගැනීමට සෑම රටකටම අවස්ථාව ලබා දී තිබේ.

මේ යටතේ අත්දැකීම් අඩු විනිසුරුවන් පවා තරඟවලට සම්බන්ධ වීම හේතුවෙන් එක් ඉණිමකට ලබා දෙන ඩී ආර් එස් හෙවත් විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථා වැඩි කිරීමටද නියමිත අතර , එහිදී කණ්ඩයමකට එක් ඉණිමක් සඳහා අමතර ඩී ආර් එස් අවස්ථාවක් කණ්ඩායමකට හිමිවෙයි.

Related posts

නවසීලන්තය – ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලිය අදයි

Mohamed Dilsad

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

Mohamed Dilsad

ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment