ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් නීති රීති කීපයක්

(UTV | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්වූ කොරෝනා තතත්වය හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදුන් අන්තර්කාලීන නව නීති රීති වලට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිව ඇත.

අනිල් කුම්බ්ලේගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයයි මෙම නෛතික යෝජනා ඉදිරිපත් කර තිබේ.

මේ අනුව ටෙස්ට් ක්‍රිකට් තරඟයකදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරන ක්‍රීඩකයෙකු වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු කණ්ඩායමට ආදේශ කීරීමට අවසර හිමි වෙයි.

එමෙන්ම, ඛේටය යොදුගෙන පන්දුව ඔප දැමීමේ නීතිය මුල් කාලයේ දී මෙම නීති කඩ කිරීමේදී කණ්ඩායම් වලට අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙන අතර , කෙටි කලකින් පසුව යම් කණ්ඩායමක් එම නිති කඩකළ හොත් ප්‍රතිවාදී පිලට ප්‍රසාද ලකුණූ 5 ක් පිරිනැමීමට නියමිතයි.

ජාත්‍යන්තර තරඟවලදී ස්වාධීන රටක විනිසුරුවන් යෙදවීම මෙතෙක් අනුගමනය කළ ක්‍රමවේදය වුවද නව නීති යටතේ ජාත්‍යන්තර මට්ටමේ දේශීය විනිසුරුවන් තරඟවලට එක් කර ගැනීමට සෑම රටකටම අවස්ථාව ලබා දී තිබේ.

මේ යටතේ අත්දැකීම් අඩු විනිසුරුවන් පවා තරඟවලට සම්බන්ධ වීම හේතුවෙන් එක් ඉණිමකට ලබා දෙන ඩී ආර් එස් හෙවත් විනිසුරු තීරණ යළි සලකා බැලීමේ අවස්ථා වැඩි කිරීමටද නියමිත අතර , එහිදී කණ්ඩයමකට එක් ඉණිමක් සඳහා අමතර ඩී ආර් එස් අවස්ථාවක් කණ්ඩායමකට හිමිවෙයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

T20 ලෝක කුසලාන කාන්තා අවසන් තරගය අද‍

Mohamed Dilsad

Leave a Comment