ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය 2018 ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  ඊයේ (10) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

හෙද සේවය සඳහා අමරණීය සේවාවක් ඉටු කළ එමෙන්ම එය වර්තමානයේ පවතින ආකාරයට ක‍්‍රමවත්ව හා විද්‍යාත්මක පදනමකින් ලොව පුරා ස්ථාපිත කළ හෙද සේවයේ මාතාව ලෙස විරුදාවලිය ලත් ෆ්ලොරන්ස් නයිටිංගේල්ගේ ජන්ම දිනය පදනම් කර ගනිමින් සෑම වසරකම මැයි 12 වනදා ජාත්‍යන්තර හෙද දිනය සැමරෙන අතර ශ‍්‍රී ලංකාවේ හෙද හෙදියන් විසින් ද එය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි.

‘සෞඛ්‍ය සේවය මානව අයිතියකි’ තේමාව යටතේ හෙද හෙදියන් 2500 කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර සැමරුම් උත්සවය පැවැත්විණි.

නයිටිංගේල් පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින් සැමරුම් උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, ජාත්‍යන්තර හෙද දින සැමරුම 2018 වෙනුවෙන් සම්පාදනය කරන ලද සමරු කලාපය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත දේශනය මහාචාර්ය වෛද්‍ය නිහාල් ද සිල්වා මහතා විසින් සිදුකරන ලදී.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ කොළඹ මහ රෝහලේ ජාතික පුහුණු කිරීමේ නිලධාරිනි පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි 20 වනදා රජයේ නිවාඩු

Mohamed Dilsad

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

Mohamed Dilsad

රටතුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ් ජනපති හමුවේ පවසති

Mohamed Dilsad

Leave a Comment