ප්‍රමුඛ පුවත 1

වැඩි මිලට කිරිපිටි වික්කොත් කියන්න

(UTV| කොළඹ) – දේශිය සහ ආනයනික කිරිපිටි සදහා සිදු කළ මිල ගණන් වැඩිවීම වලංගු වන්නේ අද (05) සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට්ටු සදහා බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

මේ වන විට වෙළදපලේ පවතින කිරිපිටි පැකට්ටු සංශෝධිත මිල ගණන්වලට අලෙවි කළහොත් ඒ පිළිබඳ පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණිලි කරන ලෙස ද එම අධිකාරිය ජනතාව වෙත දැනුම් දෙයි.

ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20කින් සහ කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ද ඉහල දැමීමට ජිවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

ඒ අනුව රුපියල් 325ක්ව පැවති ග්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 345ක උපරිමයක් දක්වා සහ රුපියල් 810ක්ව පැවති කිලෝග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 860ක උපරිමයක් දක්වා ඉහළ යන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

අද සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි පැකට්ටු සඳහා මෙම මිල වැඩිවිම වලංගු වන අතර දැනට වෙළදපොලේ පවතින කිරිපිටිවල මිල වෙනස්විමක් කිසිසේත් සිදු කර නොමැති බව පාරිභෝගික අධිකාරිය අවධාරණය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කංජිපානිට දුරකථන රැගෙන ගිය පියා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සාර්ථකයි

Mohamed Dilsad

ජනමාධ්‍ය අමාත්‍යංශ නව ලේකම් ධුරයට – චරිත හේරත් පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment