ප්‍රමුඛ පුවත 1

පොලිතීන් වැටලීම් අඛණ්ඩව – මධ්‍යම පරිසර අධිකාරිය

(UTV| කොළඹ) – තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදන සම්බන්ධයෙන් අඛන්ඩව වැටලීම් සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමුවනදා සිට මෙම පොලිතින් තහනම ක්‍රියාත්මක කරයි.

ඒ අනුව ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන මට්ටක්කුලිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත්තේය.

එම වැටලීම සිදුකරන අවස්ථාවේ තහනම් කරන ලද එච්.ඩී.පී.ඊ ප්ලාස්ටික් භාවිතා කරමින් ආහාර දවටන යන්ත්‍ර 4 ක් මගින් නිෂ්පාදනය කරමින් සිට ඇති බව වාර්තාවේ.

අනතුරුව එම සාම්පල් පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ කර්මාන්තශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන්තුරේ නිවුන් බිළිඳියන් දෙදෙනෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

Mohamed Dilsad

ඉඩම් කෙටුම්පත් ගැන තීරණයක් ගන්න පක්‍ෂ නායක හමුව රැස්වේ

Mohamed Dilsad

Leave a Comment