ප්‍රමුඛ පුවත 1

කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළට

(UTV| කොළඹ) – කලපු 18ක් සහ තෙත් කලාපයේ මිරිදිය වැව් 300ක් ආවරණය වන පරිදි ජලජ පරිසර සංරක්ෂණය හා සංවර්ධනය තුළින් ජලජීවී නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි

මෙරට ස්වාභාවික කලපු පද්ධතිය, මෝය කට හා ආශ්‍රිත ප්‍රදේශ, විල්ලු හා කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු නොලබන අතිරික්ත ජලය සහිත තෙත් කලාපයේ කුඩා හා මධ්‍ය පරිමාණයේ අභ්‍යන්තර ජලාශ, තිරසර කළමනාකරණයකින් යුතුව ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට ඉහළ හැකියාවක් පවතී.

එබැවින්, ශ්‍රී ලංකාවේ කලපු හා අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත ජලජ පරිසර සංරක්ෂණය සහ සංවර්ධනය හා ජලජීවී වගාව තුළින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම පිණිස 2018 අයවැය මඟින් රුපියල් මිලියන 1,000ක් වෙන් කරනු ලැබ තිබේ.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, නව රැකියා අවස්ථා බිහි කිරීම, සංචාරක කර්මාන්තය හා ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය, මත්ස්‍ය නිෂ්පාදන සැකසුම් හා අගය එකතු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මඟින් ග්‍රාමීය ආර්ථිකය ඉහළ නැංවීමත්, විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ.

පුත්තලම, නයාරු, ආරුගම්බේ, පානම හා රැකව යන කලපු සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්යාංශය සැලසුම් කොට ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

කොවිඩ් සමය තුළ බිඳ වැටුණු ව්‍යාපාර ගැන සොයයි

Mohamed Dilsad

“අර්ජුන මහේන්ද්‍රන්ට මුදල් අමාත්‍යංශයේ කිසිදු තනතුරක් දී නැහැ”රජය කියයි

Mohamed Dilsad

Leave a Comment