ප්‍රමුඛ පුවත 1

බිළිදෙකු සමඟ පුද්ගලයෙක් දුම්රියේ ගැටේ

(UTV| කොළඹ) – වැල්ලව, පල්ලෙකොටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස 8 ක් වයසැති සිඟිති පුත්‍රයාද සමඟ දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ.

පොලිය සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙලෙස දුම්රියට පැන සියදිවි හානිකරගත් පියාගේ වයස අවුරුදු 30 ක් බවයි.

කන්කසන්තුරේ සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියට පැන මොවුන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් බවට මූලික පොලිස් පරීක්ෂනවලදී අනාවරණ වී ඇත.

මොහු සිය දෙවන බිරිඳ සමඟ ජීවත්වන අතර, සියදිවි හානිකරගැනීමට පෙර බීමත්ව ඇය සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවී ඇති බව වැල්ලව පොලීසිය පැවසීය.

මෘත ශරීරයන් කුරුණෑගල රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (23) දින සිදුකිරීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුපියලේ අගය ස්ථාවර වෙයිද?

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

Leave a Comment