ප්‍රමුඛ පුවත 1

මුහුදු රළ ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – අප්‍රේල් මස 24 වන දින දක්වා (හෙට) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල මුහුදු රළ මී. 2.5-3.0 ක් පමණ ( මෙය ගොඩබිමට එන රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වනමුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං දකුණු දිශාවේ සිට ගිනිකොණ දක්වා වන දිශාවලින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දිශාවලින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. 20-30ක් පමණ වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

බස්නාහිර පළාත් සභාවේ අයවැය විවාදය අද ඇරඹේ

Mohamed Dilsad

ආපදාවට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment