දේශීයප්‍රමුඛ පුවත 1

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රජය කුමන අසීරු තත්ත්වයන් හමුවේ වුව ද රටේ ශමිකයන්ගේ ජන ජීවිතය අඩාල වීමට ඉඩ නොතබන බව පවසයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කරමින් නිෂ්පාදන හා සේවා අංශ යාවත්කාලීන කර ජනතාවගේ ජීවන අවස්ථා සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව
අදට(01) යෙදී ඇති ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ අසීමිත කැපකිරීම් සිදුකරන වැඩ කරන ජනතාවට ගෞරවය හා ආචාර පුදකිරීමට මෙවර ලෝක කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බව ද සිය මැයි දින පණිවිඩය මඟින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ සිදුවූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම වසරේ මැයි දින සැමරුමට සීමා පැනවුණු අතර මෙවර ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් කටයුතු අවලංගු කිරීමට සිදුව තිබේ.

සාධාරණ සාමාජයක් නිර්මාණය කිරීමට කම්කරු ප්‍රජාව තුළ ඇති අචල අධිෂ්ඨානය නොවෙනස්ව පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බව ජනාධිපතිවරයා සිය මැයි දින පණිවිඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

වංචනික වට්ස්ඇප් ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි.

Editor O

අරගල පැවැත්වෙන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය නොවේ

Mohamed Dilsad

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

Mohamed Dilsad

Leave a Comment