දේශීය

අරගල පැවැත්වෙන ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය නොවේ

(UTV | කොළඹ) – අරගල සහ උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පෞද්ගලික බස්රථ ධාවනය සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බවයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.

උද්ඝෝෂණ පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව පොලීසිය විසින් මාර්ග බාධක යෙදූ පසු විකල්ප මාර්ගවල ගමන් කිරීම නිසා සීමිත ඉන්ධන ප්‍රමාණයද අවසන් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

චීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

පොසොන් උත්සවයේදී රථගාල්වලින් මුදල් අයකළ යුතු බව කියූ ප්‍රාදේශීය සභාවේ (මාලිමා) සභාපති ට මිහින්තලා හිමිගෙන් විරෝධයක්

Editor O

සනත් නිශාන්තට සිතාසි

Mohamed Dilsad

Leave a Comment