දේශීය

බස් රථවල මගීන් ආසන ගණනට පමණක් ප්‍රවාහණය කිරීමට නීතියක්

(UTV | කොළඹ) – ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහණයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම නීතියක් වශයෙන් සම්මත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ මුදල් දී ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා සෑම මගියෙකුටම ආසනයක වාඩි වී ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බවයි.

එමෙන්ම පහසුකම් සහිත දුම්රිය ද මේ වනවිට 09 ක් ගෙන්වා ඇති අතර සුඛෝපභෝගි දුම්රිය දෙකක් ඉතාමත් කෙටිකාලයක් තුළ දේශීය හා විදේශීය සංචාරකයින් වෙනුවෙන් යොදවන බව ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අද සිට හුදකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ

Mohamed Dilsad

සෙනසුරාදා දිනවලදී තැපැල් කාර්යාල යළිත් විවෘතයි

Mohamed Dilsad

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව

Mohamed Dilsad

Leave a Comment