ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

(උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ.
දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි .
මෙම  සංකේත වර්ජනයෙන් විසඳුම් නොලැබුණහොත් දීර්ඝ කාලීනව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව තම ඉල්ලීම් වලට අද දිනයේදී විසඳුම් නොලැබුණහොත් එළඹෙන 15 වැනිදායින් පසු අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවද එඩ්වඞ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.

Related posts

දුම්රිය සේවක වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

අගමැතිට එරෙහිව විශ්වාසභංගය අද එයිද?

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ රාජපක්ෂලා – රන්ජන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment