ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

(උදයම්,කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක මණ්ඩලය අද වැඩවර්ජනයක් දියත් කර තිබේ.
දිවයින පුරා විශ්වවිද්‍යාල 14ක මෙම සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි .
මෙම  සංකේත වර්ජනයෙන් විසඳුම් නොලැබුණහොත් දීර්ඝ කාලීනව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඞ් මල්වත්තගේ මහතා පැවසීය.
ඒ අනුව තම ඉල්ලීම් වලට අද දිනයේදී විසඳුම් නොලැබුණහොත් එළඹෙන 15 වැනිදායින් පසු අඛන්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බවද එඩ්වඞ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.

Related posts

දෙවන පාසල් වාරය ඇරඹේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

විලපත්තු ඉඩම් වලට ඔප්පු දුන්න හැටි පරිසර නියෝජ්‍ය ඇමති හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment