ප්‍රමුඛ පුවත 1

දෙවන පාසල් වාරය ඇරඹේ

(UTV| කොළඹ) – දෙවන පාසල් වාරය අද සිට ආරම්භ වේ.

පළමු පාසල් වාරය පසුගිය 6 වන දායින් අවසන් විය.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය පසුගිය 11 වන බදාදායින් අවසන් වු අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ කෙරිණ.

නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් දැනුවත් කර තිබිණ.

අමාත්‍යංශය එම තීරණය ගෙන තිබුණේ එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහායි.

ඒ අනුව ගුරුවරුන්, මා පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඊයේ දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විනාශ වූ පුස්තකාල යළි නගාසිටුවයි

Mohamed Dilsad

අසාත් සාලි අත්අඩංගුවට ගැනීම පිළිබඳව මුස්ලිම් කවුන්සිලයෙන් පොලිස්පතිට ලිපියක්

Mohamed Dilsad

නීතිපති කරුණු දක්වා අවසන්

Mohamed Dilsad

Leave a Comment