ප්‍රමුඛ පුවත 1

විනාශ වූ පුස්තකාල යළි නගාසිටුවයි

(UTV| කොළඹ) – මෑතකාලීන ව දිවයිනට බල පෑ ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත් ප්‍රදේශවල පිහිටි පුස්තකාල සඳහා ලීබඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබේ.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන යටතේ ගාල්ල, කලුතර, මාතර, රත්නපුර දිස්ත්‍රික්කවල ගංවතුර හා හදිසි ආපදාවන්ගෙන් හානියට පත්ව ඇති බවට හඳුනාගත් පුස්තකාල 18කට ලීබඩු උපකරණ හා පුස්තකාල පොත් ලබාදීමට කටයුතු යොදා ඇත.

මීට අමතර ව දිවයින පුරා පිහිටි පුස්තකාල අතරින්, හඳුනාගත් පාසල් පුස්තකාල 60ක් සහ පිරිවෙන් පුස්තකාල, ආරක්ෂක හමුදාව යටතේ පාලනය වන පුස්තකාල සහ විවිධ අමාත්‍යාංශ යටතේ ඇති පුස්තකාල 100කට අධික ප්‍රමාණයකට ‍පොත් ලබාදීමට ද සැලසුම් කර තිබේ.

පාසල් පුස්තකාලවලට ගුණාත්මක පොත් ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 700ක් ද ලබා දී තිබෙන අතර එමෙන් ම කියවීම දිරිගැන්වීම වෙනුවෙන් පසුගියදා කලණ මිතුරු-පොත් සුමිතුරු වැඩසටහන ද පාසල් පද්ධතිය වෙත හඳුන්වා දෙනු ලැබුවාය.

ග්‍රාමීය පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා ලී බඩු උපකරණ හා පොත් පරිත්‍යාග කිරීමේ මෙම වැඩසටහන ජුනි මස 13 වැනි දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹට අද පැය 15ක් ජලය කපයි

Mohamed Dilsad

දුරකථන ඇමතුම් පිළිබඳව ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

විදෙස් පුහුණුවට විදුහල්පතිවරු 278ක් -අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment