ක්‍රීඩා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම බර එසවීමේ ඉසව්වකින්

(UTV| කොළඹ) – පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වෙයි.

පිරිමි කිලෝග්‍රෑම් 56 බර එසවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට චතුරංග ලක්මාල් සමත් වී තිබේ.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හිදී ඊයේ ආරම්භ වුණි.

ඒ එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ එම ආර්යාවගේ ප්‍රධානත්වයෙනි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට රටවල් 71 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටිති.

මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 79 ක් ඇතුළත් වෙති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විස්සයි – 20 තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි..

Mohamed Dilsad

2021 වසරේ IPL තරගාවලිය පැවැත්වෙන රට තීරණය කරයි

Mohamed Dilsad

බංගලාදේශ – නවසීලන්ත තුන්වන තරඟය අවලංගු කෙරේ

Mohamed Dilsad

Leave a Comment