ප්‍රමුඛ පුවත 1

මානුෂීය හේතුමත ආනන්ද සුදාකරන් මහතා නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් ජනපතිගෙන් ඉල්ලයි

(UTV| කොළඹ) – දේශපාලන සිරකරුවෙකු ලෙස බන්ධනාගාර ගත කර සිටින ආනන්ද සුදාකරන් මහතා මානුෂීය හේතූන් මත නිදහස් කරන්නැයි ඇමති රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව පවසා තිබේ.

ජනාධිපතිවරයා පාකිස්ථාන නිල සංචාරය නිම කර පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා අපේක්ෂා කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අහිංසක දෙමළ ජනතාව පසුගිය යුධ සමයේ දී අත් අඩංගුවට ගෙන සිරගත කරන ලදී.මෙහිදී වැරදිකරුවන් මෙන්ම අහිංසක මිනිසුන්ද අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇත.

යුද්ධය අවසන් වීමෙන් පසු රජය විසින් ඇතැම් අයට සමාව ලබාදී ඔවුන් පුනරුත්ථාපනය කළේය. ඔවුන් දැන් සාමාන්‍යලෙස සමාජයේ පුරවැසියන්සේ ජීවත් වෙයි.

මේ ආකාරයට කිලිනොච්චියෙහි පදිංචි දෙමළ දේශපාලන සිරකරුවෙකු ලෙස සිරගත කර සිටින ආනන් සුදාකරන් පසුගිය වසර දහය තුළ බන්ධනාගාරව සිටී. ඔහුගේ බිරිඳ පසුගියදා මියගිය අතර මේ නිසා  09 හැවිරිදි පිරිමි දරුවා සහ 11 හැවිරිදි ගැහැණු ළමයා අනාථ වී සිටියි.

මෙම දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ පියා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Mohamed Dilsad

මුහුදු ප්‍රදේශවල සුළං වේගය අදත් වැඩිවෙයි…

Mohamed Dilsad

මාතර කොල්ලයේ තවත් තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment