ප්‍රමුඛ පුවත 1

රමිත රඹුක්වැල්ල අත්අඩංගුවට

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවල ප‍්‍රදේශයේ දී ඔහු ගමන් ගත් මෝටර් රථය යතුරු පැදියක ගැටීමෙන් පසු රමිත් රඹුක්වැල්ල මහතා බීමතින් යතුරු පැදියේ සිටි පුද්ගලයින් දෙදෙනාට පහර දීම හේතුවෙන් ඊයේ(09) රාත‍්‍රියේ පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල මහතා අද(10) පස්වරුවේ අලුත් කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන එකවර ඉහළට

Mohamed Dilsad

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment