ක්‍රීඩා

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

(UTV – කොළඹ) දහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුණි.

තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය.

කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 214ක් රැස් කළේය.

වේගවත් පිතිහරඹයක නිරතවූ කුසල් මෙන්ඩිස් ලකුණු 57 ක් ලබාගත්තේ පන්දු 30 කිනි.

ඔහු පන්දු 26 කින් සිය 3 වන 20 යි 20 අර්ධ ශතකය ලබාගත්තේය.

කුසල් ජනිත් පෙරේරා ද වේගවත් ලකුණු 74 ක් ලබාගත්තේ පන්දු 48 කිනි.

ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුණි.

ඔහු අද ලබාගත්තේ තම 9 වන 20 යි 20 අර්ධ ශතකයයි.

උපුල් තරංග ද පන්දු 15 කින් නොදැවී ලකුණු 32 ක් ලබාගත්තේය.

ධනුෂ්ක ගුණතිලක ද පන්දු 19 කින් වේගවත් ලකුණු 26 ක් රැස් කළේය.

දසුන් ශානක කිසිදු ලකුණක් නොලබා දැවී ගියා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

මුශ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 72 ක් ලබා ගත්තේ පන්දු 35 කිනි.

ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුලත් වුනා. තමින් ඉක්බාල් 47 යි. ලිටන් ඩාස් 43 ක් ලබාගත්තේය.

තරගයේ වීරයා සම්මානය ද මුශ්ෆිකර් රහීම් ට හිමිවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොකද්ද මේ යුරෝ 20යි 20?

Mohamed Dilsad

දඟ පන්දු යවන්නන්ගෙන් ශ්‍රී ලංකාව පාලනය කරන බව සිම්බාබ්වේ කියයි

Mohamed Dilsad

ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment