ප්‍රමුඛ පුවත 1

දකුණු පළාත් සභා මන්ත්‍රී සහ බිරිඳ රිමාන්ඩ්

(UTV| කොළඹ) – පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ චෝදනාව මත දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.
ඔවුන් ඊයේ දිනයේ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
බස් රථ රියදුරාට මන්ත්‍රීවරයා පහරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ බිරිඳ ද පිස්තෝලයක් අතට ගෙන පහර දෙන අයුරු බස් රථයේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණි.
කඩුවෙල සිට කොල්ලුපිටිය දක්වා ධාවනය වන 177 බස් රථයේ රියදුරෙකුට බස් රථය නවත්වා තලංගම කොස්වත්ත මංසන්ධියේදී දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ මෙලෙස පහර දී ඇත.
පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

Mohamed Dilsad

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය

Mohamed Dilsad

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

Mohamed Dilsad

Leave a Comment