ප්‍රමුඛ පුවත 1

ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීයි – මහින්ද දේශප්‍රිය

(UTV | කොළඹ) –  අද (11) පෙරවරුවේ ආරම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු මේ වන විට සාමකාමීව සිදුවන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ සදහන් කරයි.

ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටිය ප්‍රදේශයට ගොස් තිබේ.

එම ජනතාව අතර ඡන්දය ප්‍රකාශ කිරීමට විශාල උනන්දුවක් ඇති බවත් , ඉතාම සාමකාමීව ඡන්ද විමසීම සිදුවන බවත් මෙම ඡන්දයත් ජනාධිපතිවරණය වගේම වැදගත් වන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පස්වරු 4.00 න් පසුව ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වන බවත් පැවසූ මැතිවරණ කොමිෂන් සභාපතිවරයා සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගාල්ල දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සෝමරත්න විධානපතිරණ මහතා සහ ගාල්ලේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනා එකතු වී නිවේදනය කරන බවත් කියා සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එයාර් ඒෂියා කොළඹ හා තායිලන්තය අතර සෘජු ගුවන් ගමන්

Mohamed Dilsad

භික්ෂුණීන් වහන්සේලා 8,000 කට ඡන්දය අහිමිවෙයි

Mohamed Dilsad

කාන්තා හිංසනයට එරෙහිව විරෝධතාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment