ප්‍රමුඛ පුවත 1

ගංවතුරින් විපතට පත් ප්‍රදේශ වල ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය

(උදයම්, කොළඹ) – මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව මේ වන විට කටයුතු කරමින් සිටී. මේ වන විට දකුණු සහ බස්නාහිර යන පලාත් වල ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 26 ක් සහිත නාවික සහණ කණ්ඩායම් 26 ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ආපදා සහණ සැලසීමේ කටයුතු සඳහා අද (26) සවස වන විට නාවික පුද්ගලයින් 160 දෙනෙකු අනුයුක්ත කොට ඇත.

ඒ අනුව, කඹුරුපිටිය, නෙළුව, ඉමදූව, වඳුරඹ, පිටබැද්දර, අකුරැස්ස, මාතර, දෙයියන්දර, හේනකඩුව, හුංගම, පාදුක්ක, හංවැල්ල, මතුගම, පුවක්පිටිය, බුලත්සිංහල, බඳුරලිය, කළවාන උඩුගම සහ පිටිගල යන ප්‍රදේශයන්හි මෙම මුදවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.

නිරත දිග මෝසම සක්‍රීය වීමත් සමග ඇතිවූ අධික වර්ෂාපතනය, මෙම අයහපත් කාළගුණික තත්ත්වය ඇතිවීමට හේතු වී ඇත.

Related posts

2019 අයවැයෙන් ඉදිරිපත් කළ බදු සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

මහාචාර්ය සරත් විජේසූරියට අභියාචනාධිකරණයෙන් කැඳවීමක්.

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment