ප්‍රමුඛ පුවත 1

මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් ගැන අවධානය

(උදයම්,තලෙයිමන්නාරම) – තලෙයිමන්නාරම දූපතේ පේසාලේ ප්‍රදේශයෙන් හමු වී ඇති බව කියන මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් සම්බධයෙන්ති සෞඛ්‍ය අංශවල අවධානය යොමු වෙයි.

පසුගියදා තලෙයිමන්නාරම දූපතේ පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් නව මදුරු විශේෂය සොයාගෙන ඇත්තේ මැලේරියා මර්දන ව්‍යාපාරයට අනුයුක්ත කීට විද්‍යා නිලධාරීන් විසිනි.

මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ළිං ජලයේ ශීඝ්‍රයෙන් බෝවෙන මෙම මදුරු විශේෂය මර්දනය කිරීම අපහසු බවයි.

එම මදුරු විශේෂය ඇනෝපීලිස් ස්ටීවන්සයි නම් ඉන්දියාවෙන් හමු වූ මදුරු විශේෂය බවට කොළඹදී සිදුකළ පරීක්ෂණවලදී හඳුනාගත් බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කර මේවනවිට මාස 5 කට ආසන්න කාලයක් ගතවී තිබේ.

 

Related posts

තම දරුවන්ට වස දුන් පියෙකු සියදිවි හානි කර ගැනීමට උත්සහ දරයි

Mohamed Dilsad

අක්ෂි කාච මිල ගණන් අඩු වෙයි

Mohamed Dilsad

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

Leave a Comment