Trending News

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය අදයි

(UTV| කොළඹ) – එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි මහ සභා සැසිවාරය අද (26) ආරම්භ වීමට නියමිතය.

ඒ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි එම කවුන්සිල මුලස්ථානයේදිය.

මෙම සැසිවාරයේදි ශ්‍රී ලංකාව ඇතුලූ සාමාජික රටවල් 47ක මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් වාර්ෂික නිල වාර්තාවක් ඉදිරිපත් කිරිමටද නියමිතව තිබේ.

මෙරට මානව හිමිකම් සුරක්ෂිත කිරීම අතින් මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳ ප්‍රගති ප්‍රකාශයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ලබන මාර්තු 21 වනදා ජිනීවා නුවරදී සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.

ඒ අනුව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රගති ප්‍රකාශණය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නියෝජිත පිිරිසක්ද ජිනිවා නුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ஜெனிவாவிற்கு பிரதிநிதிகளை அனுப்பும் ஜனாதிபதி…

Mohamed Dilsad

Irrfan Khan exudes positivity in new Twitter image

Mohamed Dilsad

வரவு செலவு திட்டத்தின் குழுநிலை விவாதத்தின் இரண்டாம் நாள் விவாதம் இன்று

Mohamed Dilsad

Leave a Comment