Trending News

බහුතර විශ්වාසය ලබාගත හැකි අයෙක් අගමැති ධුරයට – එජනිස කියයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබාගත හැකි මන්ත්‍රීවරයෙක් අගමැති ධුරයට පත් කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනට යෝජනාවක් ඉදිරිපත් කරයි.

ඊයේ (14) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවූ නිදහස් සන්ධාන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර, ඉදිරි දින 2 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද තීරණය වී ඇත.

නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාල ද සිල්වාට ලබාදිය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු 44 දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පනස් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

நுவரெலியாவில் கேபில் கார் திட்ட முறையை நடைமுறைப்படுத்த அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

Turkey pledges action to calm markets

Mohamed Dilsad

National Tsunami Rehearsal Event Today

Mohamed Dilsad

Leave a Comment