Trending News

බහුතර විශ්වාසය ලබාගත හැකි අයෙක් අගමැති ධුරයට – එජනිස කියයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ලබාගත හැකි මන්ත්‍රීවරයෙක් අගමැති ධුරයට පත් කරන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධීපති මෛත්‍රිපාල සිරිසේනට යෝජනාවක් ඉදිරිපත් කරයි.

ඊයේ (14) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරතවූ අතර එහිදී මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිවරයා හමුවූ නිදහස් සන්ධාන අමාත්‍යවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර, ඉදිරි දින 2 තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසකගේ අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද තීරණය වී ඇත.

නිදහස් සන්ධාන රජයේ අග්‍රාමාත්‍ය ධුරය නිමල් සිරිපාල ද සිල්වාට ලබාදිය යුතු බවටද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරු 44 දෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පනස් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

கைத்தொழில் அபிவிருத்தி அதிகாரசபையின் மற்றுமொரு பாய்ச்சல்.. ஐம்பது தொழில் முயற்சியாண்மையாளர்களுக்கு ஊக்குவிப்பு கொடுப்பனவு.

Mohamed Dilsad

Mahinda Rajapakse summoned before the PRECIFAC

Mohamed Dilsad

ஹட்டன் மற்றும் கண்டி பஸ் சேவை பணிபகிஷ்கரிப்பு

Mohamed Dilsad

Leave a Comment