ක්‍රීඩා

ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය ජනවාරි මුල

(UTV|මහනුවර)  – ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ සංවිධායකත්වයෙන් අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය – 2018, බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ දී සහ පාන්ගොල්ල ‘අභිමංසල 3’ හි දී 2018 ජනවාරි මස 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිතය.

දෘශ්‍යාබාධිත හා ආබාධිත රණවිරුවන් මෙහිදි සිය දක්ෂතා එළිදැක්වීමට නියමිත අතර, චෙස් ක්‍රීඩාව යුද්ධ හමුදාව තුළ මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

කුරුණෑගල “ඇතුගල්පුර නයිට් ෆ්ලේම් චෙස් සමාජය” විසින් ජාත්‍යන්තර චෙස් ක්‍රීඩා ප්‍රමිතීන්ට අනුකූලව බ්ලු ස්කයි හෝටල් භූමියේදි මීට දින කිහිපයකට පෙර දින හතරක් පුරා දිවයිනේ 34කට වැඩි චෙස් කණ්ඩායම් හි සහභාගිත්වයෙන් පවත්වන ලද වෙළද සේවා සහ රාජ්‍ය අංශ කාණ්ඩයේ චෙස් ශූරතා තරගාවලියේ දී, යුද්ධ හමුදා චෙස් ක්‍රීඩකයින් ශූරතාවය හිමි කර ගැනීමට ද සමත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

සිම්බාබ්වේට ඓතිහාසික ටෙස්ට් ජයක්

Mohamed Dilsad

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 126කට සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment