ක්‍රීඩා

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

(UTV|කොළඹ) –  නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා බංග්ලාදේශයට නිළ වශයෙන් ආරාධනා කර තිබේ.

මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ 2018 වසරේ එළඹෙන 70 වන නිදහස් දිනය නිමිත්තෙනි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්, එම ආරාධනය බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් වෙත ඩකා නුවර දී පිරිනමනු ලැබීය.

පසුගියදා ශ්‍රී  ලංකා පිළ ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවේ ඒ සඳහා ඉන්දීය කණ්ඩායම වෙත ආරාධනා කිරීම සිදුකෙරුණි.

නිදහස් කුසලාන – 2018 තරඟාවලිය ලබන ලබන මාර්තු මස 08 වන දා සිට 20 වන දා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 07ක් ලෙසය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුතු ටෙස්ට් සංචිතය ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි..

Mohamed Dilsad

දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

Mohamed Dilsad

කෝලි පහළට

Mohamed Dilsad

Leave a Comment