ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැටුම ගැන රහස් වාර්තාවක්

(UTV|කොළඹ) – පසුගිය 10 වන දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සැලසුම්සහගතව සිදුකර ඇති බවට අනාවරණ වී ඇති බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

එදින පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අවුල් කිරීම සඳහා සැලසුමක් තිබූ බවට රහස්‍ය වාර්තා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශයටත්, කථානායක කාර්යාලයටත් ලැබී තිබූ බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේය.

බැඳුම්කර වාර්තාවේ පිටපත් එදින සභාවට නොලැබෙන බවට කථානායක කරූ ජයසූරිය දැනුම් දීමෙන් අනතුරුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන දිගින් දිගටම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතුවලට බාධා සිදුකර තිබේ.

එමෙන්ම ඔහු ප්‍රමුඛ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ උසි ගැන්වීම මත සභා ගර්භයට පැමිණි මන්ත්‍රීවරුන් විසින් කලින් සැලසුම් කළ ආකාරයටම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයට බාධා කරමින් සභාවේ වැඩකටයුතු අවුල් කළ බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝටාභයගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරයා පත් කෙරේ

Mohamed Dilsad

ගුවන්විදුලි සංස්ථාවට එරෙහිව මානව කොමිසම වෙත පැමිණිල්ලක්…

Mohamed Dilsad

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

Mohamed Dilsad

Leave a Comment