ප්‍රමුඛ පුවත 1

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ඔන්ලයින් ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇත.

මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම් පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතුව තිබුණි. එහෙත් ඔන්ලයින් වීසා ක්‍රමය මඟින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත හැකි වීම නිසා විදේශ සංචාරකියින් අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා රජයේ නිල පුවත්වෙ බ් අඩවියට පැවසීය.

උතුරු කොරියාව සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින්ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපළේදීම ඔන්ලයින් වීසා ලබා ගත හැක. ඔන්ලයින් වීසා නිකුත් කිරීම අප්‍රේල් මස 1දා සිට වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එහි පරිගණක පද්ධතිය මේ දිනවල නවීකරණය කරගෙන යන බවද ආගමන හා විගමන පාලක ජනරාල් වරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රුපියලේ අගය තවත් බසී

Mohamed Dilsad

මහරගම නගර සභාවේ සේවකයෝ රාජකාරි වලින් බැහැර වෙයි

Mohamed Dilsad

පාසැල් සිසුන් අතර සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙලක්.

Mohamed Dilsad

Leave a Comment