ප්‍රමුඛ පුවත 1

නව නිපැයුම්වලින් ලෝකෙන්ම එකට ආ අයියයි – නංගියි

(UTV|කොළඹ) – කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞතික රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර ශක්තිමත් ගඩොලක් හා තුනී ලෑලි නිපදවීමේ ක්‍රමයක්” ලොවටම හඳුන්වා දී තිබේ.

තිබෙන පොලිතින්වලට අපි මොකද කරන්නේ පොලිතින් පිච්චීම පිළිකා ජනකය. ඒවා වළ දැමීම පස නිසරු කරයි. මෙයට අලුත් ම විසඳුමක් ලෙස මහනුවර නව සිසුවෙක් හා සිසුවියක් “කුණු කසළ පොලිතින් හා ප්ලාස්ටික් නව භෞත රසායනික ක්‍රියාවලියක් මඟින් ප්‍රතිචක්‍රීකරණය කර ශක්තිමත් ගඩොලක් හා තුනී ලෑලි නිපදවීමේ ක්‍රමයක්” ලොවටම හඳුන්වා දී ඇත.

එපමණක් නොව ජීව අඟුරු ප්ලාස්ටික් මිශ්‍රණය නම් එම නිපැයුමට 2017 වසරේ ලොව විශිෂ්ටතම නව නිපැයුම්කරු සම්මානය හිමි රන් පදක්කම හිමිකර ගැනීමට ද ඒ අයියාට හා නංගීට හැකි විය. පසුගියදා තායිවානයේදී පැවැති නව නිර්මාණ තරගයකදී මේ ජයග්‍රහණය අපට හිමි විය.

මහනුවර ධර්මරාජ විද්‍යා‍ලයේ උසස් පෙළ හදාරන ජේ.එම්. ළහිරු කාවින්ද සිසුවා හා මහනුවර මහාමායා විද්‍යාලයේ ජේ.එම්. අයේෂා දේවින්දි සිසුවිය මේ නව නිර්මාණයේ අයිතිකරුවෝ වෙති.

රටටම කීර්තියක් අත් කරදෙමින් මේ දරුවන් පසුගියදා, තායිවානයේ නව නිපැයුම් සම්මාන තරගාවලියේදී ලබාගත් රන් පදක්කම් ගණන දෙකකි. රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් ද ඔවුහු එහිදී හිමිකරගත්හ.‍

පාසල් වියේ මුල සිට ම නව නිර්මාණ කළ මේ සිසුවා හා සිසුවිය මීට පෙර එතෙර මෙතෙර පැවැති නව නිපැයුම් තරගවලට නව නිර්මාණ 65 ක් ඉදිරිපත් කර රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් හා ලෝකඩ පදක්කම් 15 ක් දිනා ගෙන ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

Mohamed Dilsad

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද

Mohamed Dilsad

Leave a Comment