ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද

(UTV-කොළඹ) – නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරු 9 සිට 11 දක්වා සිදු කිරීමට නියමිත අතර පෙරවරු 9 සිට 11.30 දක්වා නාම යෝජනාවලට අදාළ විරෝධතා ඉදිරිපත් කළ හැකියි.

පිළිගත් දේශපාලන පක්ෂ 19කින්, වෙනත් දේශපාලන පක්ෂ 03 කින් සහ ස්වාධීන කණ්ඩායම් 19කින් අපේක්ෂකයන් 41 දෙනෙකු 2019 ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ(06) මධ්‍යහ්න 12 න් ඇප මුදල් තැන්පත් කිරීමට ලබාදුන් කාලය අවසන් විය.

අද දිනයේ මෙම නාම යෝජනා භාර ගැනීම සිදුකෙරෙන නිසාවෙන් කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල, දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාශවල සියලුම පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය, රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලය ද වසා තබා තිබේ.

එමෙන්ම, පෙරවරු 6 සිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 500ක පිරිසක් යොදවා ඇති අතර, ආරක්ෂක හා සෝදිසි කිරීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1200කට අධික පිරිසක් යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද තෝරා ගත් ස්ථාන කිහිපයක යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විශේෂ මෙහෙයුම්

Mohamed Dilsad

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

Mohamed Dilsad

ආයුර්වේදය ශක්තිමත් කෙරෙන නව දේශීය වෛද්‍ය සභා පනතක්

Mohamed Dilsad

Leave a Comment