ප්‍රමුඛ පුවත 1

ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට

(UTV|බ්‍රිතාන්‍යය) – ශ්‍රී ලංකාවේ රජයේ අනුග්‍රහයෙන් සිදු කළ සංචාරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය නොකිරීම පිළිබඳ විමර්ශනයකට යටත්ව සිටින බ්‍රිතාන්‍ය පහල මන්ත්‍රී මණ්ඩල සාමාජික ඉයන් පෙයිස්ලි ස්වාධීන මන්ත්‍රිවරයෙකු ලෙස එරට පාර්ලිමේන්තු මන්ත්‍රී ලේඛනයට ඇතුළත් කර තිබේ.

ඔහුට දින 30ක කාලයක් පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගීවිම අත්හිටුවා තිබුණි.ඒ ඔහු මෙරට කළ සංචාරය තුළින් විනය නීති කඩකළ බවට තහවුරුවිම හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් පහල මන්ත්‍රී මණ්ඩල ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ ඉයන් පෙයිස්ලි මන්ත්‍රීවරයාගේ නම ඩී.යූ.පී පක්ෂ නාමලේඛනයෙන් ඉවත් කර ස්වාධින නාමලේඛනය යටතට පත් කිරීම තුළින් ඔහු පක්ෂයෙන් ඉවත් කළ බවක් අදහස් නොවන බවයි.

අදාළ පක්ෂයෙන් විමසීමකින් තොරව එලෙස ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

Mohamed Dilsad

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

Mohamed Dilsad

පිපිරීම් වලින් මිට ගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment