ප්‍රමුඛ පුවත 1

ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට ඇමති රිෂාඩ් අතින් සම්මාන

(UTV| කොළඹ) – “ප්‍රෝ ෆුඩ් – ප්‍රෝ ෆැක්” සම්මාන උළෙල 2018, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී 26දා පැවැත්විණ.

එහිදී ආහාර, ඇසුරුම්, කෘෂි යන අංශවල සුවිශේෂ දක්ෂතා දැක්වූවන්ට අමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමිණ.

2019 අගෝස්තු 2 සිට 4 දක්වා පැවැත්වීමට නියමිත “ප්‍රෝ ෆුඩ් – ප්‍රෝ ෆැක්” ආහාර, ඇසුරුම්, කෘෂි ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙණි .

ආහාර, ඇසුරුම්, කෘෂි ක්‍ෂේත්‍රයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රදර්ශනය ද මෙය වේ. ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමයෙන් සම්මාන උළෙල සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

CID සහ AGD වගකියන ආයතන බවට පත්කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට.

Mohamed Dilsad

අවුරුදු සමයේ වැටලීම් 3555ක්

Mohamed Dilsad

Leave a Comment