ප්‍රමුඛ පුවත 1

අවුරුදු සමයේ වැටලීම් 3555ක්

(UTV| කොළඹ) – උත්සවය සමය තුළ සිදු විය හැකි සුරාබදු අපරාධ වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වූ විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ සාර්ථක වැටලීම් 3555ක් සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත්ව ඇත. අප්‍රේල් මස 09 වැනි දා සිට 15 වැනි දා දක්වා මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙහි දී වැඩි ම වැටලීම් සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ ප්‍රමාණය ඉක්මවා මත්පැන් ළග තබා ගැනීම සහ නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය සම්බන්ධයෙනි. එම වැටලීම් සංඛ්‍යාව 1786කි. එමෙන් ම නීති විරෝධී ලෙස මත් පැන් අලෙවි කිරීම් පිළිබඳ වැටලීම් 841ක් ද, නීති විරෝධී ලෙස ස්ප්‍රීතු නිපදවීම් සම්බන්ධ වැටලීම් 235ක් ද සිදු කර ඇත. මෙයට අමතරව හෙරොයින් සහ ගංජා ළග තබා ගැනීමේ මත්ද්‍රව්‍ය අපරාධ වැටලීම් පිළිවෙළින් 154ක් සහ 177ක් මෙම කාලය තුළ රට පුරා සිදු කර ඇත.

සුරාබදු කොමසාරිස් ජනරාල් ආර්.සේමසිංහ මහතාගේ උපදෙස් පරිදි, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් (නීති ක්‍රියාත්මක කිරීම) එම්.බී. වන්සූරිය මහතාගේ මෙහෙයවීම යටතේ උත්සවය සමය තුළ සිදු කළ වැටලීම්වලින් අත්අඩංගුවට පත් සියලු සැකකරුවන්ට අදාළ අධිකරණවල නඩු පැවරීමට කටයුතු යොදා ඇත. එමෙන් ම බලපත්‍ර ලත් සුරාසැල්වල සිදු කර ඇති බවට වාර්තා වූ අක්‍රමිකතා පිළිබඳ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

මෙම කාලය තුළ පැමිණිලි කිරීම සඳහා ලබා දුන් පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකය ඔස්සේ මහජනතාව ලබා දුන් තොරතුරු වැටලීම් සඳහා උපකාරී වූ බවත්, ඉදිරියේ දී ද මත්ද්‍රව්‍ය හා සුරාබදුවලට අදාළ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොලිස්පති අද හඬ පරීක්‍ෂණයට යන්න සුදානම්

Mohamed Dilsad

2018 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් අන්තර් ජාලයේ

Mohamed Dilsad

පානලියේදී සිදුවූ දුම්රිය අනතුර පිළිබඳව විධිමත් පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment