ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මෙරට බහාලුම් හැසිරවීම පුළුල් කිරීමට Maersk Holdings මැදිහත් වෙයි.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ බහාලුම් හැසිරවීමේ ව්‍යාප්තිය වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට Maersk Holdings හි ප්‍රධාන විධායක නිලධාරි සොරෙන් සේකාව් (Soren Skou) මහතා ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

මේ වන විට Maersk Holdings ආයතනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සොරෙන් සේකාව් කියා සිටියේය.

එහිදී කොළඹ වරායේ බහාලුම් ප්‍රවාහනය පුළුල් කිරීමට මේ හරහා පහසුකම් සැලසෙනු ඇති අතර එයින් ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල සහයෝගයක් ලැබෙනු ඇතිබව ජනාධිපතිතුමා පැවසුවේය.

දකුණු ආසියාවේ Maersk Holdings ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

සංචාරකයින් රැසක් රටින් පිට වෙයි

Mohamed Dilsad

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් පොලිස් කොමිසමට වාර්තාවක්

Mohamed Dilsad

ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment