ප්‍රමුඛ පුවත 1

නිල ඇඳුම් වවුචර් දරුවන්ට නොදුන්නොත් දැඩි විනය පියවර

(UTV|කොළඹ) – පාසල් දරුවන් සඳහා නොමිලේ ලබාදෙන නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත් නොකොට ඒ වෙනුවට රෙදි ලබාදීම හෝ වෙනත් මැදිහත් වීම් සිදුකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඒ, මේ සම්බන්ධයෙන් පළ කර තිබූ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

කලාප කිහිපයක වවුචර වෙනුවට රෙදි නිකුත් කරන බවට වූ වාර්තා සහ නිල ඇඳුම් වවුචරය වෙළඳ මහතුන් සඳහා වෙන්කොට ඇති තීරුව තුළ පාසල් සංවර්ධන සමිතියක නිල මුද්‍රාවක් යෙදීම සම්බන්ධ වූ වාර්තා මීට පදනම් වී තිබේ.

විදුහල්පතිවරුන් විසින් නිල ඇඳුම් වවුචරය හරහා දරුවන්ට නිදහසේ තමා කැමති වෙළඳ සැලකින් මිල දී ගැනීම් සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීම, මිල දී ගැනීම සඳහා දරුවන් පෙළඹවීම වැනි කටයුතු සිදුකිරීම සඳහා විදුහල්පතිවරුන්ට කිසිදු බලයක් නොමැති අතර එවැනි කටයුතු වල නිරත වන විදුහල්පතිවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

පහල වායුගෝලයේ කැළඹෙයි

Mohamed Dilsad

කල්මුණේ උපවාසයේ නිරත හිමිනමක් ඇතුළු සිව් දෙනෙකු උපවාසය අත්හරී

Mohamed Dilsad

Leave a Comment