ප්‍රමුඛ පුවත 1

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවීමට සුදානම්

(UTV|කොළඹ) – මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික  සාකච්ඡා අද පැවැත්වීමට නියමිතය.
දෙරටේ රාජතාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරිම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මලයාසියානු අග්‍රාමාත්‍යවරයාට
මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කළේය.
ඒ අනුව මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ඊයේ(17) උදෑසන දිවයිනට පැමිණියේ තෙදින නිළ සංචාරයක් සඳහායි.
මලයාසියානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර ද සාකච්ඡා පැවැත්විමට නියමිතය.
මේ සංචාරය අතරතුර විද්‍යා හා තාක්ෂණ, ජෛව ආර්ථික සංවර්ධන සහයෝගිතාව සහ රාජ්‍යතාන්ත්‍රික නිළධාරින් පුහුණු කිරිමට අදාල ද්විපාර්ශ්වික ගිවිසුම් තුනකට අත්සන් තැබීමට නියමිතය.
ශ්‍රී ලංකා මලයාසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 60 වසරක් සපිරිම නිමිත්තෙන් මලයාසියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරිමට ද සැලසුම් කර තිබේ.
එමෙන්ම මලයාසියානු අග්‍රාමාත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් මහතා මෙරට ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡාවකට ද එක්විමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

ගුවන් මගීන් හැර වෙනත් පුද්ගලයින්ට ගුවන්තොටුපලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

Mohamed Dilsad

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment